Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

"එළඹෙන වර්ෂය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ධනය කරන, ශක්තිමත් කරන, වැඩකරන වර්ෂයක් කරගත යුතුයි...."

Jul 20, 2018

"එළඹෙන වර්ෂය දේශපාලනමය වශයෙන් අපට ඉතාමත් වැදගත්. අපි එළඹෙන්නේ වැඩකරන වර්ෂයකට. බොහෝ අයට අවශ්‍ය වෙලා තිබෙනවා ගමේ වැඩ ටික විශේෂයෙන් කරගන්න. ඒ සඳහා ගම්පෙරළිය කියලා වැඩසටහනක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙනවා. ඒ තුළින් දශලක්ෂ දෙසීයක් වැනි විශාල මුදලක්  එක් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට එනවා. මෙම මුදල හැමදාම ලැබෙන්නෙ නැහැ.

ඒ වගේම මේ මුදලින් ගමේ සියළුම වැඩ නිම කරන්නත් බැහැ. ඒ නිසා අපි එම මුදලින් ඉටුකිරීමට නියමිත කාර්යයන්, ප‍්‍රමුඛතාවය අනුව පෙළගැස්සූ පැහැදිළි වැඩසටහනක් සකස් කරගත යුතුයි. ඒ තුළින් මේ වර්ෂය වැඩකරන වර්ෂයක්, පක්ෂය වර්ධනය කරන, ශක්තිමත් කරන වර්ෂයක් කරගත යුතුයි" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශකර සිටී.
 


ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා (08) පෙරවරුවේ පැවති ගලිගමුව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා..,

"ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් ගත්තා පක්ෂ ප‍්‍රථිසංවිධානයක් කරන්න. මේ ප‍්‍රථිසංවිධානයේ ප‍්‍රධාන අරමුණ තමයි, මේ දිනවල දේශපාලනයේ තිබෙන විශේෂ දේවල් පිළිබඳව කථිකාවතක් ඇතිකරන්න. මේ දවස්වල තිබෙන දේශපාලන වාතාවරණය පිළිබඳව රටට කියන්න පුළුවන්, නිවැරදි අවබෝධයක් දෙන්න පුළුවන්, ඡෝදනා නගන්නනන්ට පිළිතුරු දෙන්න පුළුවන්, අපි කොහොමද මේ පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියන පණිවිඩය සමාජගත කරන්න පුළුවන් ඡුන්ද නායකයෝ පිරිසක් අද මේ  රැස්වෙලා සිටින්නේ" යැයි පැවසිය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, යටියන්තොට ආසන සංවිධායක හිටපු පලාත්සභා මන්ත‍්‍රී හර්ෂ සියඹලාපිටිය යන මහත්වරුන් ඇතුඵ ප‍්‍රදේශයේ දේශපාලනාධිකාරිය විශාල පිරිසක් සහභාගි වූහ.
Last modified on Friday, 20 July 2018 17:21

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31