Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

Rambut කියලයි මැලේ භාෂාවෙන් කෙස් හඳුන්වන්නෙ.

Jun 13, 2018
රතට රතේ බැබලෙන රඹුටන් ගෙඩියක් දැක්කම කාටද රස බලන්න හිතෙන්නෙ නැත්තෙ. ලොකු කුඩා කවුරුත් රඹුටන් ගෙඩියක රස බලන්න කැමතියි. මේ පළතුරේ පෙනුමත් ඉතාම ආකර්ශනීයයි. රඹුටන් කිව්වම කාට කාටත් ඉක්මනට මතකයට එන්නෙ මල්වාන. වෙළඳපොල ඉලක්ක කරලා විවිධ ප්‍රභේද මුසු කරලා හදපු අලුත්ම රඹුටන් වර්ග මල්වානෙ වගා කරලා තියෙනවා.

මැලේසියාව රඹුටන් ගැන කථා කරනවා නම් අනිවාර්යෙන්ම සිහි කල යුතු තැන. ඒ රඹුටන් වල නිජබිම මැලේසියාව නිසයි. මැලේ භාෂාවෙන් කෙස් යන අරුතෙන් බිඳී ඇවිත් තමයි රඹුටන් කියන නම හැදිලා තියෙන්නෙ. ඒ රඹුටන් ගෙඩියේ කෙස් වැනි කෙඳි විශේෂයක් තියෙන නිසයි. Rambut කියලයි මැලේ භාෂාවෙන් කෙස් හඳුන්වන්නෙ.

ලංකාවෙ නැති රඹුටන් ප්‍රභේද පවා මෙහිදි දැක ගැනීමට හැකියාවක් තියෙනවා. රඹුටන් විද්‍යාත්මකව හඳුන්වන්නෙ Nephelium Lappaceumis යනුවෙන්. ලෝකයේ ඇති පළතුරු අතරින් රඹුටන් වලට ලැබෙන්නෙ ඉතාම සුවිශේෂී තැනක්. මේ පළතුර ගැන ගොඩාක් අය වැඩි තොරතුරක් දන්නෙ නෑ. Lychee, Longan, Mamoncillo කියන්නෙ රඹුටන් වලට සමීප ලක්ෂණ පෙන්වන තවත් පළතුරු වර්ග. Longan නැමති පළතුර ලංකාවේ මොර වලට සමානයි කියලයි මොර කාලා තියෙන අය කිව්වෙ. එය ඉතාමත් රස පළතුරක්. රඹුටන් වල නිජබිම මැලේසියාව උනාට අග්නි දිග ආසියාවෙ හැම රටකම වගේ රඹුටන් දකින්න පුලුවන්.

රඹුටන් ගස් වලත් ගැහැණු හා පිරිමි වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ වගේම මේ දෙවර්ගයේම ගති ලක්ෂණ සහිත ද්විලිංගික රඹුටන් ශාකත් දකින්න පුලුවන්. පිරිමි ගස් වල පිරිමි මල් පමණක් හට ගන්නා අතර ගැහැණු ශාක වල ගැහැණු මල් පමණයි හට ගන්නෙ. ද්වි ලිංගික රඹුටන් ගස් වල මේ දෙවර්ගයේම මල් හටගන්නා නිසා මේ වර්ගයේ ශාඛයන්ගෙන් ඵලදාව උපරිමයෙන් ලැබෙනවා. පිරිමි ගස් වල රඹුටන් මල් හටගත්තත් රඹුටන් ගෙඩි ඵල දරන්නේ නෑ.

රඹුටන් මල් වලින් ඉතා මිහිරි සුවඳක් හමනවා. ඇතැම් රටක රඹුටන් මල්, විචිත්‍ර මල් පොකුරු සැකසීම සඳහාත් යොදා ගන්නවා. ඒවා සුදු හෝ කොළ පැහැයෙන් යුතුයි. මේ ඉහළ සුවඳ නිසාම රඹුටන් මල් වලට විශාල වශයෙන් මී මැස්සන් ආකර්ශනය වන ආකාරය දකින්න පුලුවන්. මේ පළතුරේ මිහිරි රසයට අමතරව මනා පෝෂණයකුත් සිරුරට ලැබෙනවා.

මිනිස් සිරුරට යකඩ ලැබෙන ප්‍රධානම ආහාරයක් ලෙස බොහෝ අය දන්නේ නිවිති ගැන වුවත් රඹුටන් වලිනුත් එය ලැබෙන බව ඔබ දැන සිටියාද ? රඹුටන් යකඩ වලින් පරිපූර්ණ පළතුරක්. යකඩ කියන්නෙ මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. පෙණහළු වල සිට ශරීරයේ විවිධ මාංශ පේශීන් වෙත රුධිරයේ හිමොග්ලොබින් හරහා ඔක්සිජන් ප්‍රවාහනයට යකඩ උපකාරී වෙනවා. යකඩ ඌණතාව ඇති වූ විට ඉක්මනින් වෙහෙසට පත් වීම සහ හි‍සේ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ දකින්න පුලුවන්. ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කල හැකි පළතුරක් ලෙසත් රඹුටන් සැලකෙනවා.

රඹුටන් ඵලය තන්තුමය වශයෙන් ඉතා ඉහළයි. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරලා ශරීර‍යේ බර අඩු කරන්නට රඹුටන් ඇට වලටත් පුලුවන්ලු. රඹුටන් ඇට හොඳින් පොඩි කරලා වෙනත් ආහාරයක් සමග මුසු කොට ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගන්න හැකිලු. රඹුටන් ලෙල්ලෙන් අතීසාරය/ පාචනය වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කල හැකි බව මමත් පළමු වතාවටයි දැනගත්තෙ.

රඹුටන් තවත් අමුද්‍රව්‍ය කීපයක් සමග සමග මුසුකර ලබා දීමෙන් කල්ගත වූ උණ රෝග තත්වයන් කාර්යක්ෂමව සමනය කල හැකි බව නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම රඹුටන් ලෙල්ලෙ අන්තර්ගත වෙලා තියෙන Gallic අම්ලය, ශරීරයේ ඔක්සිකරණ ක්‍රියාවලියේදී විය හැකි හානි අවම කරනවලු. මේ පළතුර කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලිනුත් බොහොම සන්නද්ධයි. රඹුටන් මඳය තුල ජලයද විශාල ලෙස ඇති නිසා පිපාසය සංසිදුවා ක්ෂණිකව සිරුරේ ශක්තිය ඉහළ දමන්නට පුළුවන් නිසාම‍ ක්‍රීඩකයන්ට රඹුටන් වලින් ගත හැකි සේවය ඉමහත්.

රඹුටන් තුල කොපර් සහ මැංගනීස් යන අමුද්‍රව්‍යත් සංයෝග වෙලා තියෙනවා. රතු සහ සුදු රුධිරානු වර්ධනය පිණිස කොපර් ඉවහල් වෙනවා. ශරීරයේ නොයෙකුත් එන්සයිම වර්ග නිපදවීම සහ ඒවාය‍ේ ක්‍රියාකාරීත්වයට මැංගනීස් අවශ්‍යයි. මිනිස් සිරුරේ බොහෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා මෙලෙස නිපදවෙන එන්සයිම උපකාර වෙනවා. ඒ වගේම රඹුටන් තුල අන්තර්ගත ඉහළ ජල ප්‍රතිශතය සමේ තෙතමනය ආරක්ෂා කරමින් එය මෘදුව තබා ගැනීමටත් උදව් වෙනවා.

මේ පළතුර විටමින් C වලින් අනූනයි. ඔබ රඹුටන් ගෙඩි 10-12 ප්‍රමාණයක් වරකට ආහාරයට ගත්තා නම් ඒ සමග ඇස්කෝබික් අම්ලය මිලිග්‍රෑම් 75 - 90 අතර ප්‍රමාණයක් ඔබේ සිරුරට ලැබී අවසන්. එය හරියටම දිනකට අවශ්‍ය ඇස්කෝබික් අම්ල ප්‍රමාණය මෙන් දෙගුණයක්. 
විටමින් C අපේ ශරීර වල පැවැත්මට කරන සේවය බොහොම වැඳගත්. ලෙඩරෝග වලින් අපිව ආරක්ෂා කරන්න ඉස්සෙල්ලම සටන් වඳින්නෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ පද්ධතිය බලගන්වන්නට විටමින් C දායක වෙනවා. ඒ වගේම විවිධ ආහාර මගින් ශරීරයට ලැබෙන ඛනිජ ලවණ ශරීරයට අවශෝෂණය පිණිසත් විටමින් C උපකාරී වෙනවා. 
අපේ වකුගඩු තුල තැන්පත් වෙලා තිබෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් රඹුටන් වලට හැකියි. ඒ මේ පළතුරේ අඩංගු ෆොස්පරස් නම් සංඝටකය නිසයි. මෙයට අමතරව මිනිස් සිරුරේ ගෙවීගිය සෛල අලුත්වැඩියා කරන්නටත්...අලුත් සෛල ඇති කරන්නටත් ෆොස්පරස් දායක වෙනවා.

එදිනෙදා සුලභව දකින්න පුලුවන් සමහර රෝගාබාධ වලටත් රඹුටන් මගින් සහනය ලැබෙනවා. හිසේ කැක්කුම සඳහා රඹුටන් කොළ තලපයක් පරිද්දෙන් සකස් කොට නළලේ තැන්පත් කිරීමෙන් සහනය ලැබෙනවාලු. ඒ වගේම පාචනය / අතීසාර වැනි තත්වයන්ට රඹුටන් මුල් මගින් සහනය ලබා ගත හැකියි. රඹුටන් ඇට මගින් දිය වැඩියා රෝගීන් පෙළන අපහසුතා යම් තරමකට අඩු කල හැකි බවත් පැවසෙනවා. 
ඒ අනුව බැලුවම රඹුටන් කියන්නෙ හුදෙක් පළතුරක් පමණක් නොවන වග පැහැදිලියි.

රඹුටන් පත්‍ර මගින් ඔබේ හිසකෙස් වලට පෝෂණය ලබාදිය හැකි බව කවදාවත් අහලා තිබුනද....
රඹුටන් පත්‍ර ජලය මිශ්‍ර කරමින් හොඳින් කොටාගෙන එහි ඉතිරිවන කෙඳි ආදිය ඉවත්කොට හිසේ මඳ වේලාවක් ගල්වා තබා සේදීමෙන්, සති කීපයකදී යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තියෙනවලු. ඒ වගේම රඹුටන් අනුභවය මගින් පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු ගිනුම ඉහළ දමන්නටත් හැකියාව තිබේලු. මේ සඳහාත් දායක වෙන්නෙ රඹුටන් තුල අඩංගු විටමින් C .
මැලේසියාවෙ Kebangsaan සරසවිය විසින් රඹුටන් වල අප ආහාරයට නොගන්නා කොටස් විවිධ පිළිකා වලට එරෙහිව යොදාගත හැකි බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ ඔස්සෙ ඔවුන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවයි දැනගන්න තියෙන්නෙ.

රඹුටන් ගෙඩියක් ඇතුලෙ කොපමණ වටිනාකමක් තියෙනවද කියලා දැන් ඔබ දන්නවා. මීට කලින් කවදාවත් රඹුටන් ගෙඩිය මේ තරම් වටිනවා කියලා ඔබ හිතුවෙ නැති උනත්, අදින් පස්සෙ මාර්ගය අද්දර රඹුටන් විකුණන වෙලාවක ඔබ අහක බලාගෙන යන්නෙ නැති විත්තිය නම් මට විශ්වාසයි.

Last modified on Wednesday, 13 June 2018 14:30

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31