Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

Gastritis හෙවත් අම්ලපිත්ත රෝගය

Jun 17, 2018

ආයුර්වේදය යනු ජීවිතය හෙවත් ආයුෂ පිළිබඳ විද්‍යාවයි. මෙයින් බලාපොරොත්තු වන්නේ නිරෝගීව දිගු කලක් ජීවත් වීමයි. මෙය Non Communicated diseases ලෙසද හඳුන්වයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඉගෙනුම් 2 ක් පවතී. එනම් රෝගීන් රෝගී බවින් මිදීමත්, නිරෝගී බව හෙවත් ස්වස්ථ බව රැුක ගැනීමත් ය.

වර්තමානයේ දී Non Communicated diseases බෝ නොවන රෝග විශාල සමාජ ගැට`ථවක් වි පවතින අතර අම්ල පිත්තය හෙවත් ට්ිරසඑසි රෝගී තත්වය මෙහි ප‍්‍රධාන තැනක් හිමිකර ගෙන ඇත.

අම්ල පිත්තය විශාල පරාසයක් කරා විහිදෙන රෝගයක් වන අතර gastritis ලෙසට දක්වන්නේ එහි එක් කොටසක් පමණි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි මෙය ආමය හා සම්බන්ධ වන ආහාර ජීර්ණ ක‍්‍රියාවලියේ දුර්වලතාවයක් නිසා හටගන්නේ රෝගයක් ලෙසට දක්වන අතර නව්‍ය විද්‍යාත්මකව ආමාශයික ආස්ථරය ප‍්‍රදාහයට පත්වීම ලෙස හඳුන්වයි. මේ සඳහා මූලික වශයෙන් Helicobacter pylori නම් බැක්ටීරියාව හේතු වන අතර, ආමාශ ආස්ථරයෙන් ස්වභාවිකව ගලන ්‍යක්‍ඛ අම්ලය ගලනාලය ඔස්සේ ඉහළට පැමිණීමෙන් මේ තත්ත්වය ඇතිවේ. (Reflux) එමෙන්ම ආහාර කැබලි ආමාශයේ පැවතීම නිසා ද මේ දෙකෙහි සංකලනයෙන්ද ට්ිරසඑසි රෝගී තත්ත්වය ඇතිවිය හැක.

වර්තමානයේ බොහෝ දෙනෙකු උදරයේ ඇතිවන සිය`ථ වේදනා Antacids ලෙස සිතා තමා විසින්ම ප‍්‍රතිකාර කිරීමට පෙළඹේ. බොහෝ දෙනා ්බඒජසාි වර්ග ගෙන රෝග ලක්ෂණ යටපත් කර ගැනීමට උත්සාහ කරයි. නමුත් gastrit රෝගයේදී ඇති වන බොහෝ රෝග ලක්ෂණ හෘදයාබාධ වලදීත්, Angina අවස්ථා වලදීත්, ඇතැම් අසාත්මිකතා වලදීත් (Gluten allergy) ආන්ත‍්‍රික පිළිකා ආදියේදීත් ඇති විය හැක. එම නිසා වෛද්‍ය පරීක්ෂාවකින් තොරව ඖෂධ වලට යොමුවීම බොහෝ අනතුරුදායක විය හැක.

ප‍්‍රතිදේහ පරීක්ෂා Us, Scan, Upper  Endoscoppy පරීක්ෂා ආදියෙන් මේ රෝගය නිවැරදිව හඳුනා ගැනීමට පහසුකම් ලැබේ.

 ඔක්කාර හෝ වමනය ඇතිවීම. (Nauseal/Vomiting)
 බඩ පිපුමද (Bloating abdomen)
 උදර වේදනාව. (Abdominal pain)
 උදර දැවිල්ල. (Burning sensation of abdomen)
 ආහාර ජීර්ණය හරිහැටි නොවීම. (indigetion)
 බඩගින්න මද බව. (Loss if appetite)
 ඉක්කා වැටීම. (Hiccup)
 වමනය සම`ග ලේ යාම හෝ තේ කොළ පාටින් වමනය යාම. (Vomiting with blood)
 කලූ හෝ තාර පැහැති මල පිටවීම. (Black or tarry stool)
යනාදී ලක්ෂණ ඇති වේ.

ට්ිරසඑසි රෝගය හට ගැනීමේ මූලික හේතු ලෙසට,
 ජීවන රටාවේ වෙනස් වීම.
 ආතතිය.
 ගමනෙහි යෙදෙන කාලය වැඩිවීම.
 ආහාර රටාවේ වෙනස්කම්.
 ක්‍ෂණික ආහාරවලට හුරුවීම.
 ආහාර ගන්නා වේලාව වෙනස් වීම.
 භදබ ීඑැරදසා ්බඑස සබකේපප්එදරහ ාරමටි දීර්ඝ කාලීනය ගැනීම. (NSAID)
 දීර්ඝ කාලීනව මත්පැන් භාවිතය දැක්විය හැක.

මෙම හේතු දැනගෙන ඒවායෙන් අත් මිදීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකියාව ඇත. එමෙන්ම රෝගය පිළිබඳ දැනුවත්භාවය මේ රෝගයේදී අතිශයින්ම වැදගත් වන අතර ඒ මගින් රෝගය නැවත ඇතිවීම පාලනය කරගත හැක.

මෙම රෝගීන්ට බැඳුම් වර්ග, මිරිස් වර්ග, ආහාර වර්ග, තෙල් ආහාර වර්ග, පිටි සහිත ආහාර වර්ග, මේදය සහිත ආහාර වර්ග, නිතර තේ, කෝපි, කැෆේන් වර්ග භාවිතය, ඇල්කොහොල් ගැනීම රෝගය උත්සන්න වීමට හේතු වේ.

ක්‍ෂණික ආහාර, කෘතීම ආහාර ආදියෙන් තොර වීම ට්ිරසඑසි රෝගයෙන් පමණක් නොව බොහෝ රෝගයන්ගෙන් මිදීමට හේතු වේ. එමෙන්ම මෙම රෝගීන් තමා පුරුදු වී සිටින වෙලාවට ආහාර ගත යුතුය. එමෙන්ම පැය 2 න් 2 ට සු`ථ හෝ ආහාරයක් ගැනීම වඩාත් යෝග්‍ය වේ.

ඖෂධ ප‍්‍රතිකාරයට අමතරව, ඇතැම් ආහාර හා නිවසේදී හමුවන ඇතැම් ද්‍රව්‍ය ද මෙම රෝගයට බොහෝ හිතකර ලෙස බලපායි. එලෙසම භාවිතා කළ හැකි ඖෂධීය ගුණැති යෝග කිහිපයක් ලෙස,

 කෝමාරිකා මද මේස හැඳි 2 පමණ හිස් බඩ කෑමට ගැනීම
 කැහිපිත්තන් කොළ රාත‍්‍රියේ වතුරට දමා උදේ හිස් බඩ එම ජලය පානය කිරීම.
 කැහිපිත්තන් කොළ යුෂ ගෙන රැුයක් බඳුනක තබා ඝණ වූ පසු (ජෙලි ලෙසට* උදෑසන පොල්කිරි හා සීනි මිශ‍්‍ර කොට ආහාරයට ගැනීම.
 ¥රියන් ඇට වතුරට දමා රැුයක් පෙ`ගීමට තබා උදේ හිස් බඩ පානය කිරීම.
 අමු කොත්තමල්ලි හෝ බැදපු කොත්තමල්ලි ඇට වතුරට දමා රැුයක් තබා උදේ හිස් බඩ පානය කිරීම.
 බෙලිකොළ පවනේ වියලා තම්බා පානය කිරීම.
 බෙලිමල් පානය ගැනීම
 කටු අනෝදා, පැණි කොමඩු, සැතපිල්ලා, සීනී කෙසෙල්, බෙලි, ඇලිගැටපේර, ආදිය ඉතා ගුණදායක පළතුරු වේ.
 කොටුකොළ ඉස්ම බීම
 හාතාවාරිය කොළ කැඳ බීම.

කුඩා ළමයෙකුට ට්ිරසඑසි රෝගය වැළඳී ඇත්නම්,

 බත් කැඳ හෝ ලූණු කැඳ උදෑසන බිමට දීම.
 කෝමාරිකා මද තුළ මුං ඇට දමා උණු අලූ පල්ලේ තම්බා කැඳ ලෙස බීමට දීම

මේවා දිනපතා කළහැකි නම් වඩාත් ඵලදායක වේ.

අවසාන වශයෙන් ට්ිරසඑසි රෝගියේදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ,

HCL අම්ලය ආ විට (බඩගින්න දැනුන විට* එය නොසලකා හරින්න එපා.

නැතහොත්, මෙම රෝගයට නිවැරදිව ප‍්‍රතිකාර නොකිරීම නිසා පසුකාලීනව අන්ත‍්‍ර ආශ‍්‍රිතව තුවාල, පිළිකා, හා Sphinctors පිළිසකර කිරීමේ ශල්‍ය කර්ම පවා සිදුකිරීමට සිදුවේ. එම නිසා මුල් අවස්ථාවේදිම රෝගයට ප‍්‍රතිකාර යෙදීම බොහෝ සංකූලතාවයන්ගෙන් මිදීමට හේතුවන බව මතක තබාගන්න.

Last modified on Sunday, 17 June 2018 14:55

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31