Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

මෙන්න ජනප්‍රිය නාලිකා වල රියැලිටි වල සැබෑව

Jun 11, 2018

සදලන්කන් 70S කියන්නේ ලංකාවේ වෙනස් ආරකට යන සංගීත කණ්ඩායමක්. එහි නායක ගායකයකු වදයකයකු පද රචකයකු මෙන්ම රංගන ශිල්පියකු ලෙසින් බහු චරිතවදියකු වූ චාමර උපෙක්ෂිත. චාමර මේ ලගදි ජනප්‍රිය රුපවාහිනී වැඩසටහනක සංගීතමය රියැලිටි වැඩසටහනකට සම්බන්ද වුණා.

ඇත්තටම රියැලිටි වල ඇත්තම ඇත්ත මොකද්ද කියලා කණින් කොණින් නොව සැබවින්ම දැන ගන්න නම් ඒවාට සම්බදවුවෙක් සමග කථා කිරීම බෙහෙවින්ම කාලෝචිතයි. චාමර උපෙක්ෂිත් නම් වූ මේ කලාකරුවා Chat With Ash සමග සම්බන්ද වෙන්නේ මෙන්න මේ කාරණයට. අපි කථා කරන්නේ වෙනස් දෙයක් වෙනස් විදියකටනේ. බලන්නකෝ විල්වුද ඇතිරූ “රියලිටියේ” පුර්ණත්වය ...

ඔබ කොහොමද මෙකී රියැලිටි වැඩ සටහනට සම්බන්ද  වුණේ ?

ඇත්තටම එම නාලිකාවේන් ආපු ආරාධනයකට අනුවයි මම ඒ සදහා සම්බන් වුණේ . එම වැඩසටහනේ නිෂ්පාදකවරයෙක් මුලින්ම මගෙන් උදව්වක් විදියට සංගීත කාණ්ඩයක් නිර්මාණය කරලා ඉල්ලුවා. අපි එය ලබා දුන්නාම එතන සිටි විනිසුරු මණ්ඩලය වගේම එම නාලිකාවේ ප්‍රධානියෙක් පුද්ගලිකව කථා කරමින් රියැලිටි තරගය සදහා එකතු වන ලෙසට  කල ආරාධනාව මම පළමුව ප්‍රතික්ෂේප කළත් දිගින් දිගටම කල ඉල්ලීම නිසා මම අවසානයේදී සම්බන්ද වුණා .

ඇයි ඔබ එය ප්‍රතික්ෂේප කළේ ?

මගේ තිබෙන අනෙක් වැඩ සමග එක දිගට මෙවන් තරගයක් සදහා සහභාගී වීමේදී මතු වන ප්‍රයෝගික ගැටළු නිසා

රියැලිටි කියන්නේ ලයිව් වැඩක්ද ?

නැහැ . සියයට සියයක් ලයිව් නෙමෙයි. රෙකොර්ඩිනුත් වෙනවා. අඩන එක පාවා සමහර වෙලාවල් වලදී රියසල් කරනවා.

 

ඔබ රියැලිටි වැඩසටහන් අර්ථකථනය කරන්නේ කෙසේද ?

හොදයි ටිකයි නරක ගොඩයි තමයි.  තරු බිහි වෙනවා කියලා හැමදාම බිහි කරන්න බැහැ. නියමකර ක්‍රම වේදයක් තිබීමයි වැදගත්. අපිම ප්‍රයෝගිකව දන්නවා මෙතක් රියැලිටි වලින් බිහිවූ පිරිස් කෝ මොකද කරන්නේ කියලා. සමහරුන්ව දන්නෙම නැහැ. ජෝතිපාල මහතා බිහි වෙන්නේ රියැලිටි වලින් නෙමෙයිනේ.  ඒවගේ තමයි තමන්ගේ මාර්ගය සොයා යන්න ඕන . එඉයලිති කියන්නේ ලොකු රැවටීමක්.  

රියැලිටි වල වොට් නැත්නම් ජනතා මනාප ලබා ගැනීම් සත්‍යක්ද ?

නැහැ. අද ලංකාවේ හැමෝටම ස්මාර්ට් දුරකථන නැහැනේ. චැනල් එකෙන් කියන්නේ බොහෝ තාක්ෂණික ප්‍රශ්ණ හමුවේ වොට් හිර වෙනවා එවැනි දේවල්. කෙසේ හෝ අවසානයේදී සිදු වන්නේ නාලිකාවට අවශ්‍ය කෙනා බිහි කිරීමයි.

ඒ කියන්නේ රියැලිටි බැලූ සැණින් පැණි වෑහුනාට බෙහෙවින්ම  නී රසයි  ?

ඔව්. ආධුනිකයින්ට රියැලිටි හොදයි. නමුත් ශේෂ්ත්‍රයේ නමක් තැබූ අය රියැලිටි නිසා එතෙක් ගොඩ නගා ගත් දේ නැති වෙන්නත් පුළුවන්. හොද රැකියා කල පිරිස් තම රැකියා පවා අහිමි කර ගෙන වැඩසටහ සමග රැදී ඉන්නවා. චැනලය තුල කිසිදු මානුෂිය වගකීම් නම් සිදු වන්නේ නැහැ.

ඒ කියන්නේ රියැලිටි වැඩසටහන් වලින් බිහි වන්නේ නියම දක්ෂයා නෙමෙයි කියන එකනේ ?

බොහෝ විට නියම දක්ෂය මගින් හැලෙද්දී චැනල් එකට අවශ්‍ය කෙනා රියැලිටි තරුව වනවා.

දැන් ඔබ මෙහෙම කියන්නේ ඔබට ඉවත් වුණු නිසාද ?

එහෙම එකක් නැහැ. ජය පරාජය දෙකම මට හොදට හුරුයි මොකද මේ තැන අද ඉන්නේ කටු ගොඩක් හොදට කාලා. අනික මේක මම බැහැ කියලා ගිය ගමනක් . එයාලගේ දැඩි ඉල්ලීම මත සම්බන්ද වුණේ කොහොමත් මම රියැලිටි වලට විරුද්ධයි. එත් වැඩසටහන මුල කියපු විදියට මෙතරම් අවුල් සහගතයි කියලා හිතුවේ නැහැ එකයි සම්බන්ද වුණේ ..

උඩින් ඔපේ යටින් හැපේ වගේ හැංගි හැංගි බදින වෙස් මුණක් ලස්සනට ගලවුනාද කියලාත් අන්තිම වෙනකොට තේරුණා නේද ? ආශ් ට නම් එහෙම තමයි තේරුම් ගියේ ....

අශන්ති වරුණසුරිය

Last modified on Tuesday, 12 June 2018 16:35

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31