Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

ළමා මනසට පාර කපන A Plus Kids TV

Jul 20, 2018

ළමුන්ටම සුවුශේෂී පැය 24 පුරාම විකාශනය වන ළමා රුපවාහිනී නාලිකාවක් අපේ රටේ තියෙනවාද?  ඔබ සමහර විට “ඔව්” කියන්නට පුළුවන්. විටෙක නොදන්නවාත් විය හැකියි. දන්නා දේට වැඩියමක් එකතු කිරීමටත් නොදන්නාවානම් ඒ පිලිබදව ඔබව දැනුවත් කිරීම උදෙසාත් අපේ මේ වෑයම වෙනස් නිර්මනකරණයක නියැළුණු ලංකාවේ අපූරු නිර්මාණකරුවෙක් ගේ භූමිකාව ඔබට කියන්නට.

ඩයලොග් ටීවී හි චැනල් අංක 52 ඔස්සේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විනෝදාත්මක සහ අධ්‍යාපනික වැඩසටහන් රාශියක් අන්තර්ගතව සැදුම් ලත් “ A Plus Kids TV ” ලංකාවේ පළමු ළමා රුපවාහිනී නාලිකාව ලෙසින් හදුන්වා දිය හැකිය. එහි නිර්මාතෘ කුඩා කාලයේ සිටම කලාකාමී සංකලනයකින් ප්‍රතිරූප වන චරිතයකි. නමින් ඔහු අසේල ගාල්ලගේ මහතායි. මහරජා ආයතනයේ මෙන්ම බෞද්ධයා නාලිකාව ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා කිහිපයකම ප්‍රධාන භූමිකාවන්ට උර දුන්  ඔහු මිට වසරකට ඉහතදී තම දරුවන්ගේ ඉගැන්වීම අරභයා මතු වන පැනයකට පිළිතුරක් ලෙසින් ඔහුගේම අදහසකට අනුව  “A Plus Kids TV” බිහි  කරන්නේය. මේ වන විට මේ දරුවාටද වසරක් ගෙවී අවසන්ය. “A Plus Kids TV  සියක් දරුවන්ගේ නැණස පාදන පාදමින් අධ්‍යාපනය විනෝදය ආකර්ශනීය ලෙසින් ළමා මනස මනාව තම ග්‍රහණයට හසු කර ගැනීමට මේ වන විට ඔවුන් සමත්ව සිටියි.  අසේල ගාල්ලගේ මහතා,

වසරක ගෙවෙන තැනක හිද එදා ආරම්භය මතක් කරමුද ?

අවුරදු 8 කට කලින් මගේ දුව ඉපදුනාම දෝණිට දාලා දෙන්න නාලිකාවක් නැහැ. පිරරට වල මේ ප්‍රශ්ණය නැහැ. ළමා නාලිකා ඕන තරම් තිබෙනවා.ඔවුන් ඒ හරහා ළමා මනසට ගැලපෙන වැඩසටහන් ඔස්සේ දරුවන් සමාජ ගත කල හැකි අයුරින් සකස් කරනවා. මෙහෙ අපේ ළමයි දකින්න එක එක නාට්‍ය ලොකු ලකු සිංදු. ඒ නිසා අද පොඩි දරුවෙක්ට ගීතයක් කියන්න කිවුවම කියන්නේ වැඩිහිටි ගීතයක්. ඉස්සර අපේ පවුල කිවුවම ලොකු පවුලක්.  ආච්චිලා සියාලා සමග කතන්දර අසමින් ජන කවි කියමින් ගත කල පරිසරයන් අද ළමුන්ට නැහැ. අද පාසල් අධ්‍යාපනය බැලුවත් ඉතිහාසය සංස්කෘතිය තුල එදා ඉගෙන ගත් දේ අද නැහැ. අද පාසල් වල සංස්කෘතිය ගලවලා. ඉතිහාසය විෂයකට නතු වෙලා. අද දරුවන්ගේ බුද්දිය මැන බලන්නෙ ඒ දරුවට තිබෙන කට පාඩම මත. එතනින් එහා ගිය බුද්දිය බලන්නේ නැහැ. මේවා ගැන තර්ක කරමින් මම කාලය ගත කලා. ඊට පිළිතුරක් වශයෙන්  මෙවැන්නක අවශතාවයක් කසේ හෝ ඉටු කිරීමේ ඒකායන අරමුණක් මට තිබ්බා. මගේ මිතුරන් සහ බොහෝ අය සමග කතා කළා. ඒ අනුව මුලින් දරුවන් සදහා මැගසින් එකක් සහ චිත්‍ර කතා පත්තරයක් ආරම්භ කළා. නමුත් මේවා සාර්ථක වුනේ නැහැ. මේ අශිත්‍ර ගොඩක් ගවේෂන කරමි පසුව ගෙවල් වාහන උගස් තියලා තමයි මේ ආරම්භයට ආවේ.

ඔබ තිදරු පියෙක්. මෙවන් අවධානමක් ගන්න භය වුණේ නැත්ද ?

අවධානමක් තිබුණා. ඒත් ඒක මට තිබ්බ ඇම්මට මම ගත්තා. මම හිතුවේ නැහැ සාර්ථක වෙයි කියලා නමුත් මට පැහැදිලි ඉලක්කයක් තිබ්බා කෙසේ හෝ සාර්ථක කර ගන්නවා කියන දේ ගැන. මම මගේ පවුල බිල්ලට දීලා ආරම්භ කල දෙයක්.මට ආරාධනා කල රැකියා වලට මම ගියෙත් නැහැ. කොහොම හරි වැඩේ හරි ගියා මම කරන්නේ හොද දෙයක් නිසා වැරදුනේ නැහැ. 

ආරම්භය ගැන මතකයත් එක්කම ඒ ආරම්භයේ හවුල්කරුවනුත් මතක් නොකොළොත් එය අඩුපාඩුවක් වේවි  ?

ඔව් හැමදාම වගේ මගේ මව මාත් සමග හිටියා. ඇයත් මෙම නාලිකාව කොටස් කාරිනියක්. ශෂීකලා දිල්රුක්ෂි දිසානායක ගාල්ලගේ මගේ බිරිද ප්‍රධාන කළමනාකාරිය ලෙසින් සිටිනවා. ඇය කෝච්චියට බෙල්ල තියමු කිවුවත් හා කියන බිරිදක්. ඒ ශක්තිය ඇයගේ සහාය ගැන මට කියන්න වචන නැහැ. අය කිරීමකින් තොරව ආයතනය පවත්වාගෙන යාමට ගොඩනැගිල්ලක් බිරිද පුවත්පතේ අයිතිකරු චන්දන ආරියරත්න ලබා දෙනවා. අද කාලේ එක රුපියලක් නිකන් දෙන්නේ නැහැ එවන් කාලෙක මගේ මිත්‍ර ධම්මික අපේ ආයතනයට අවශ්‍ය ලක්ෂ 30 ක් පමණ වටිනා කැමරා ඇතුළු බඩු ලබා දෙනවා. ඒවම මගේ අනිත් ප්‍රධාන මිත්‍රයෙක් වන විදුර වික්‍රමනායක, ඔහු තමයි මට පළමු රුපියල දුන්නේ. එදා සිට අද දක්වාම සියළුම ඇදුම් නොමිලේ බෙනීටා වඩුගේ මිය ලබා දෙනවා. කිව යුතුයි මගේ කාර්ය මණ්ඩලය. එකම කණ්ඩායමක් පවුක් ලෙසින් ඔවුන් මුලින් එකතු වුනේ වැටුපක්වත් නොමැතිව. ඒ ඒවගේම මා මිත්‍ර සහන් රංවලත් මා සමග ආරම්බයේ සිටම රැදී සිටියා. මම මෙගේ හිනෙකට බෙල්ල තිබ්බා මගේ මේ ළමයි මගේ හීනයක් වෙනුවෙන් බෙල්ල තිබ්බා. නමුත් අද අපි සාර්ථකයි ඒ  අපි සතුටුයි. 

A Plus වෙතින් ඔබේ ප්‍රේක්‍ෂකයන්ට ලබා දෙන අළුත් වැඩසටහන් මොනවද ?

වැඩසටහන් වෙනස් වෙනවා. දැන් ඉන්නේ අවුරුදු 10 ට අඩු ළමුන්. අපි උත්සහ කරනවා අවුරුදු 16 වෙනකල් යන්න. ඊට අමතරව මෙතක් තිබු ජන ගී අපේකම රැකෙන විවිද වැඩසටහන්, ඉංග්‍රීසි දැනුම වැඩි කිරීමට අදාල වැඩසටහන්, කාටුන් ෆිල්ම් මෙන්ම ජන කතා ක්‍රීඩා ආදී විෂයන්ට ද  අදාලව වැඩසටනක් රාශියක් දරුවන්ට අපි ලබා දෙනවා.

ඩයලොග් ටීවී නැති ළමුන්ට ඔබේ නාලිකාව සමග එකතු වීමේ හැකියාවක් තිබෙනවද ?

අපේ සෑම වැඩසටන්කම A Plus Kids TV යූ ටියුබ් ඔස්සේ නැරබිය හැකියි .

වෙනත් නාලිකා ඔබට අභියෝගයක් ද?

බොහෝ නාලිකා වල මගේ මිත්‍රයෝ ඉන්නෙ. ප්‍රතිචාර හොදයි. බොහෝ අයගේ දරුවන් ප්‍රධාන නාට්‍ය ප්‍රධාන ධාරාවේ නාලිකා වල නරඹා දවසේ වැඩිපුර පැය ගණනක් ගෙවන්නේ A Plus Kids TV  සමග. අනෙක් නාලිකා සහ  අපි යන්නේ පාරවල් දෙකක. නමුත් මමත් කැමතියි ප්‍රධාන වශයෙන් ළමුන්ටම වෙන් වූ නාලිකාවක් එනවනම්. ඒත්  මගේ අරමුණ සල්ලි හම්බ කිරීම නෙමෙයි එහෙම වුනානම් තමයි මම වෙනත් නාලිකාවක්  එනවට බය. මගේ අරමුණ ළමා සුභ සිද්ධිය උදෙසා වෙනස් දෙයක් කිරීම ඒ නිසා මම නිරතුරු ඒ වෙනසට අදාලව මගේ ගමන යනවා.  

 

 
AshWaru
Last modified on Friday, 20 July 2018 17:10

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31