Login to your account

Username *
Password *
Remember Me

Create an account

Fields marked with an asterisk (*) are required.
Name *
Username *
Password *
Verify password *
Email *
Verify email *
Captcha *
Reload Captcha

සම්මේලන වලින් ගැහුවත් නැතත් මම මගේ ගමන යනවා.

Jun 11, 2018
මම ගියේ තනි ගමනක් ඒ මගේ හිත සහ මනස ශක්තිමත් නිසා. 
 
සම්මේලන වලින් ගැහුවත් නැතත් මම මගේ ගමන යනවා. මම කිසිවෙක් විවේචනය කරන්නේ නැහැ මොකද එහෙම කලොත් විවේචනට වෙන්නේ මගේ රට බව පවසන ලූෂන් පුෂ්පරාජ්, 
ප්‍රතික්ෂේප කරන බවද  පවසනවා. මේ සම්බන්දයෙන් කල විමසුමකට අනුව වැඩි දුරටත් සදහන් කරන්නේ ඒ පිළිබදව විනය  හෝ කිසිදු පරීක්ෂණයට ඔහුට පැමිණෙන්නැයි අදාල බලධාරීන් දැනුම් දී නොමැති බවයි.

මිස්ටර් ඇට්ලස් තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙන රියෝකොකෝ ලංකා සමාගමේ සභාපති තමන් වෙත්  දෙවියන් වහන්සේ එවූ දේව දුතයෙක් බව පවසන ලූෂන් පුෂ්පරාජ් වැඩිදුරටත් පවසන්නේ ඔහු නොසිටින්න මෙම ජයග්‍රහණය නොලැබෙන බවයි. එමෙන්ම තමන් මෙම ක්‍රීඩාව තෝරා ගත්තේ තම රට ජාත්‍යන්තරයට ගෙන යාමට බවද ඔහු පවසයි. ආසියාවේ කළු සිංහයා නමින් විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් සමග කළ සාකච්චාවකි මේ. 

තමන්ට එල්ල වන චෝදනා සම්න්බන්දයෙන් ඔහු වැඩි දුරටත් පවසන්නේ  මෙවන් අදහසකි. ” මට සංගම් සම්මේලන අදාල නැහැ . මම මට පුළුවන් දේ මේ ක්‍රීඩාව වෙනුවෙන් කරනවා. කායවර්ධන සම්මේලනයෙන් වසර 4 කදී ජාත්‍යන්තර තරගාවලියකට කිසිදු ක්‍රීඩකයකු යවලා නැහැ. සම්මේලන මාව විවේචන කළා. ඇට්ලස් තරගාවලියේදීත් මගේ රටේ ජාතික කොඩිය යටතේ තරග කරන්න බැහැ කියලා ඔවුන් මට පහර ගැසුවා . මම එදා ඇඩුවා . ඇයි මගේ රටේ කොඩිය අරං මට මේ තරගාවලියට යන්න බැරි කියලා . ශාන් අයියා මව දිරිමත් කළා. මම සැලෙන්නේ නැහැ . මම ශ්‍රී  ලාංකීය කොඩිය ඇමරිකාවේදී උස්සලා පෙන්නුවා . සිංහයෙක් ගොදුරකට යනකොට එය කිසිවක් නිසා අත  හරින්නේ නැහැ .  මමත් ඒ වගේ . කිසිවක් අත හරින්නේ නැහැ ඉදිරියටම යනවා.  ඒ නිසයි කොරියාවේදී මට “ආසියාවේ කළු සිංහයා” කියන නමත් පට බැදුණේ .  මම තනි ගමනක් ගියේ  මගේ මනස සහ හිත ශක්තිමත් නිසා”. 

කායවර්ධන ක්‍රීඩාවට ලංකාවේ පවතින තත්වය පිළිබදවද ඔහු මෙසේ පැවසුවේය.” ලංකාවේ  මෙය දුප්පතුන්ගේ ක්‍රීඩාවක් , ඒ වගේම පහත් ක්‍රීඩාවක් කියලා හිතනවා. මෙන්න මේ නිසයි ලංකාවේ කායවර්ධන ක්‍රීඩාව වැටිලා තියෙන්නේ. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව  වන්නේ පාපන්දු .දෙවන ස්ථානය කායවර්ධනය. ලංකාවේ මිනිස්සු අතරට තවම මෙය ගිහිං නැහැ. ඒ වගේම අපේ මිනිස්සු අතරට යවන්නත් බැහැ. 



ඉදිරි වසරේදී ඔහු සතු වන බලාපොරොත්තු කිහිපයකි. ” 2018 ජාතියන්තර තරග 5 ක් තියෙනවා. “මිස්ටර් ඔලිම්පියා” වීමයි මගේ අරමුණ. මේවාට රජයෙන් උදව් ලැබුණත් නොලැබුණත් සම්මේලන වලින් ගැහුවත් නැතත් මම මගේ ගමන යනවා. මම මගේ රටේ සම්මේලන , අමාත්‍යංශ අපේ නිලධාරීන් විවේචනය කරන්නෙ නැහැ. මොකද එහෙම කළොත් මම විවේචනය කරන්නේ මගේ රට”.

තම කුඩා කාලය ගැන මතකය අවදි කරමින් ඔහු ” පොඩි කාලේ ඉදලා මම ගොඩක් දුක් වින්දා . කුලී වැඩ කරලා තමයි  සාමානය පෙළ, උසස් පෙළ හැදෑරුවේ. මම ක්‍රීඩාවට හරිම ආදරේයි. ඒ නිසා පුංචි කලේ ඉදලා ක්‍රීඩා කළා. කායවර්ධන ක්‍රීඩාවට පන්නරය ලැබුවේ පාසල් කාලේදී කළ ක්‍රීඩා. හිත වගේම මනස ශක්තිමත්ව තියා ගත්තා. රටට බරක් නොවී ජිවත් වීමට සහ ක්‍රීඩාවට කල හැකි උපරිමය කිරීමයි මගේ අරමුණ”.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල කලඑලිය උපන් මොහු 1982 සැප්තැම්බර් 10 වනදා දා උපත ලබා ඇත. මිගමු කලපුවෙන් සහ පොල් රුප්පාවෙන් වටවූ කලඑලිය දරිද්‍රතාවයෙන් පෙළුණු ගමකි. අනේක විද දුක් කම්කටොළු විදමින් ලුෂන් ඇන්ටන් පුෂ්පරාජ් ලෝකය හමුවේ ශ්‍රී ලංකාව රනින් බැබලු ක්‍රීඩකයකි. කුඩා කළ සිටම ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ  නිසා එම දක්ෂතා අද සිටින තැනට එන්නට ඉවහල් වී ඇත. කුඩා කාලයේදීම පියා අහිමි වීමෙන් සහෝදරයන් දෙදෙනෙකු සහ මව සමහ තනිවූ ලූෂන් ගේ පාසල් කාලය සුළගේ ලෙලෙනා මලසේ දග පෑ කාලයක් නොවීය. සිය අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට සහ කුස ගින්න නිවා ගැනීමට කුඩා කළ සිටම ඔහුට කුලී වැඩ කරන්නට සිදු විය. කෙසේ හෝ ඔහු ඕමාන බලා පිටත් වන්නේද ආර්ථික අගහිගකම් වලට පිළිතුරක් ලබා ගැනීමේ අරමුණෙනි.  එහිදී ඔහු කායවර්ධන ක්‍රීඩාවට යොමු වන්නේය. ඒ අනුවන් පළමු රන් පදක්කම ඔහු දිනන්නේද එහිදීය. 2012 සිට 2017 දක්වා කායවර්ධන ක්‍රීඩාවෙන් රන් රිදී ලෝකඩ පදක්කම් දිනා ගනිමින් දෙස් විදෙස් හි ආදරයට පත්වූ ඔහුගේ ගමනේ හැරවුම් ලක්ෂය වන්නේ 2017 දකුණු කොරියාවේ පැවති ආසියානු ශුරතාවලිය ඔහු ජයග්‍රහණය කිරීමයි. මෙරට කායවර්ධන සම්මේලනය ලුෂන්ට අභූත චෝදනා නගද්දී ඔහු තමන් උපයා ගත් මුදලින් ආසියානු ශුරතාවලියට ඉදිරිපත් විය. ලුෂන්ගේ ජයග්‍රහණ  සමාජ මාධය ඔස්සේ සුළගටත් වඩා වේගයෙන් හමා ගියේය. අවසන් ප්‍රථිපලය වන්නේ කිසිදු ශ්‍රී ලාංකිකයකු ලගා කර නොගත් විරළ භාගයක් ඔහු කරා ලගා වීමයි. ඒ ඇමරිකාවේ ටෙස්සාස් හි  පැවති Mr Atlas කායවර්ධන තරගාවලියයි. මේ සදහා මින් පෙර කිසිදු ශ්‍රී ලාංකිකයකු නියෝජනය කර නැත. ඇමරිකාවේ පැවැත්වෙන් දැවැන්තම කායවර්ධන තරගා වලියකට ශ්‍රී ලාංකිකයකු සම්බන්ද වන පළමු අවස්ථාව ලූෂන් වුයේද ඔහුට අනුග්‍රාකත්වය ලබා දුන් ශාන් හැලබ මහතා නිසාය. ලොව රටවල් 34 ලෝක පූජිත කාය වර්ධන ක්‍රීඩකයන් අතරට එක් වෙමින් ඔහු සිව් වන ස්ථානය දිනා ගත්තේය. එදා ඇමරිකාවේ ශ්‍රී ලාංකිකයන් බොහොමයක් සහභාගි වුයේ මෙම ජයග්‍රහණයේ  සාක්ෂි කරුවන් වෙමිනි. එමෙන්ම මෙහිදී ලූෂන් ආසියාවේ කායවර්ධනයට කරන සේවාව වෙනුවෙන් Inspiration Award දිනා ගත්තේය. මෙහිදී ජයග්‍රහණය නොකළත් හොදම කායවර්ධක ක්‍රීඩකයන් සිව් දෙනා අතරට එක් වීමම  ලූෂන් ලද ජයග්‍රහණයකි. අද ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ලූෂන් ජනප්‍රිය යැයි පැවසුවොත් එය වරදක්ද නොවේ.  සෑම ජයග්‍රහණයකින්ම තව තවත් ජයග්‍රහණ කෙරෙහි බලාපොරොත්තු දැල්වේ

අශන්ති වරුණසුරිය
ජායාරුප රණුක විජේවර්ධන
Last modified on Tuesday, 12 June 2018 16:54

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

  1. Popular
  2. Trending
  3. Comments

Calender

« March 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31